FAST NEWS

24×7 Around the Globe

පොසොන් උත්සවය උත්කර්ශවත් අයුරින් සැමරීමට අගමැතිගෙන් උපදෙස්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර පොසොන් උත්සවය සියලු රාජ්‍ය ආයතන මෙන්ම ආරක්ෂක අංශ හා එක්ව උත්කර්ශවත් අයුරින් සැමරීමට අවශ්‍ය කටයුතු සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර සෑම ප‍්‍රදේශයකම පොසොන් උත්සව කටයුතු සාර්ථක කර ගැනීමට දායකත්වය මෙන්ම සංවිධාන ශක්තිය යොදන ලෙස අග‍්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇත.

තම ප‍්‍රදේශවල පොසොන් උත්සව කටයුතු සංවිධාන කිරීමට දායක වන ලෙස අග්‍රමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ට ද උපදෙස් ලබාදී තිබේ.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය ආරක්ෂක අංශ විසින් තහවුරු කර ඇත.