FAST NEWS

24×7 Around the Globe

සහල් වර්ග තුනක් සඳහා උපරිම මිලක් නියම කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුදු සම්බා , සුදු නාඩු හා රතු නාඩු යන සහල් වර්ග සදහා උපරිම මිලක් ප්‍රකාශයට පත් කර ඇති අතර , දේශීය සුදු සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම මිළ දක්වා ඇත්තේ රුපියල් 85 ක් ලෙසින්.

දේශිය සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 80 ක් ලෙසින්ද , දේශිය රතු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 74 ක් ලෙසින්ද උපරිම මිල නියම කර ඇත.

2019 වසරේ මැයි 31 වනදා සිට මෙම උපරිම මිල බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් ද නිකුත් කර කිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කර සිටියේ මෙම මිල නියෝගය කඩ කරන වෙළෙදුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.