(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.
පවතින වාතාවරණය තුළ රටේ බොහෝ දෙනෙකු ආර්ථික වශයෙන් අසරණව සිටින බවත් ,රජය මේ පිළිබඳව අවධානය යොමු කර ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටීම සඳහා විපක්ෂ නායකවරයා අග්රාමාත්යවරයා හමුවන බවද පැවසේ.








