FAST NEWS

24×7 Around the Globe

අකුරැස්සසේදි පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

 

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – අකුරැස්ස, ඌරුබොක්ක ප්‍රදේශයේදී අද (02) අලුයම 2.50 පමණ පොලීසිය සමග සිදුවු වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගිය බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පසුගිය මස 22 වැනි දා අකුරැස්ස ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙම වෙඩි හුවමාරුවෙන් මියගොස් ඇති බව හෙතෙම පැවසීය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අලුයම පොලිස් කණ්ඩායමක් ගිය අවස්ථාවේ සැකකරු පොලීසියට වෙඩි තබා තිබේ.

මෙහිදී පොලීසිය කළ වෙඩි තැබීමෙන් සැකකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.