FAST NEWS

24×7 Around the Globe

විදෙස් රටක නිෂ්පාදිත බීඩි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මන්නාරම සිට පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක් පරීක්ෂා කිරීමේදී විදෙස් රටක නිෂ්පාදිත නීතිවිරෝධී ලෙස ගෙන්වූ බීඩි 15,000ක් සමඟ කාන්තාවක් වනාතවිල්ලුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මෙම බීඩි සූක්ෂම ලෙස පැකට් 34ක අසුරා ගමන් මල්ලේ සඟවාගෙන ගොස් තිබු අතර  ඇය පොලීසියට පවසා ඇත්තේ බීඩි තොගය අලෙවි කිරීම සඳහා කොළඹට රැගෙන යමින් සිටි බවයි.

අදාළ කාන්තාව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක දඩයක් මත මුදා හැර තිබේ.