FAST NEWS

24×7 Around the Globe

දුම්රිය පාර්සල් ප්‍රවාහනය අද සිට යළි අරඹයි.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තාවකාලිකව නවතා දැමුණු දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය අද (01) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව දිවයින පුරා සියලු ප්‍රදේශවලට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියි.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණි.