FAST NEWS

24×7 Around the Globe

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය මාස 3කට සීමා කෙරේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් බල ප්‍රදේශවල අද(01) සිට මාස 3ක කාලයක් මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

මීට හේතුව වැසි ජලය බැස යාමට උමං මාර්ගයක් කැණීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඒ අනුව ගාලූ පාර, ග්ලෙන් ආබර් පෙදෙස, මුහුදු මාර්ගය දක්වා රථ වාහන ගමනාගමනය මෙලෙස සීමා කෙරෙනු අතර  විකල්ප මාර්ග ලෙස 8 වන පටුමඟ, හේග් පාර ඔස්සේ ගාලූ පාර දෙසට ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

මිට අමතරව ලබන 15 වන දා සිට සැප්තැම්බර් 15 වන දා දක්වා කාලය තුළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බෞද්ධාලෝක මාවත දෙස දක්වා පමණක් එක් දිශාවකට රථ වාහන ධාවනය කළ යුතු වේ

ඒ අනුව බෞද්ධාලෝක මාවතේ සිට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාර්ගය දෙසට ගමන් කරන රථ වාහන බෞද්ධාලෝක මාවතෙන් තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් මාවතෙන් නැවත නිදහස් වට රවුම, පිලිප් ගුණවර්ධන මාවත දෙසට ගමන් කළ හැකි බව පොලීිසිය වැඩිදුරටත් සඳහන් කළේය.