FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවේ සිටින වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් කමිටුවේ අතුරු වාර්තාව අද (01)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අත්අඩංගුවේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශන කරන කමිටුවේ අතුරු වාර්තාව අද (01) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා වෙත භාර දීමට නියමිත බව කමිටු සාමාජිකයෙකු වාර්තා කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දඹුල්ල මූලික රෝහලට මේ වන විට වෛද්‍ය මොහොමඩ් සාෆි පිලිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබේ.