FAST NEWS

24×7 Around the Globe

කැළණියේ පීඨ තුනක අධ්‍යන කටයුතු 03 වැනිදා ඇරඹේ

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වෛද්‍ය පීඨයේ හැර සෙසු පීඨවල අධ්‍යන කටයුතු ඊයේ (30) අත්හිටවු කැළණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යන කටයුතු, ලබන සඳුදා (03) සිට නැවත අරම්භ කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව වාණිජ හා කළමනාකරණ පීඨය, විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු යළිත් සඳුදා සිට ආරම්භ කෙරෙයි.

විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කරන නව ආරක්ෂක වැඩපිළිවෙළයට අනුකූලව කටයුතු කිරීමට ඔවුන් එකඟ විම හේතුවෙන් මෙසේ එම පීඨ තුනේ අධ්‍යන කටයුතු ආරම්භ කිරිමට නියමිතව ඇති බව පැවසේ.

ඊයේ (30) සිට දින නියමයක් නොමැතිව කල් දැමීමට පාලනාධිකාරිය කටයුතු කළේ ආරක්ෂක වැඩපිළි‍වෙළට සිසුන් සුළු පිරිසක් එකඟ නොවීම හේතුවෙනි.