(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු අතර ගනුදෙනු කෙරෙන ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් ඒකක 50කින් පහත හෙලීමට මහබැංකු මූල්‍ය මණ්ඩලය ඊයේ (30) තීරණය කර තිබේ.
ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7.5ක් වන අතර, ස්ථාවර ණය පහසුකම් අනුපාතය සියයට 8.5ක් වනු ඇත.
මේ සම්බන්ධයෙන් මහබැංකුව ප්‍රකාශ කර සිටියේ වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත ලබාදෙන ණය ප්‍රමාණය පහත වැටීමත් සමඟ මෙම පියවරට එළඹුණු බවයි.
ඒ අනුව ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රීය කිරීම ද මෙලෙස පොලී අනුපාත පහත හෙලීමට තවත් හේතුවක් බව මහබැංකු වැඩිදුරටත් පවසයි.






