FAST NEWS

24×7 Around the Globe

ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව වන්නේ “tobacco and lung health.” යන්නයි. බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, පෙනහළු පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, ස්වසන රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපානුයේ දුම්වැටි භාවිතයයි. අතුරු ආබාධ රැසකටද මෙය හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

දුම්කොළ අඩංගු දුම් වැටි භාවිතය හේතුවෙන් සෑම තත්පර 04 කට වරක් පුද්ගලයකු මිය යන බවත් මිලියනයක් අධික පිරිසක් වක්‍ර දුම් පානය හේතුවෙන් මිය යන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

බෝ නොවන රෝග හේතුවෙන් ඇතිවන විවිධ හේතු නිසා වාර්ෂිකව මිලියන 56.9 ක් මිය යන අතර ඉන් මිලියන 8ක් දුම්කොළ භාවිතය හේතුවෙන් මිය යයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 12% ක් පමණ දුම්වැටි සහ මධ්‍යසාර අලෙවියෙන් හිමි වුවත්, ජාතික ආදායමෙන් 22% කටත් වඩා ඒවා භාවිතය නිසා ඇති වන රෝග වැළැක්වීමට වැය කිරීමට සිදුවෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත මතින් නිදහස් රටක් ජාතික වැඩසටහන සක්‍රීය ලෙස මෙම කාර්යභාරයට උර දී තිබේ.

මේ සඳහා වත්මන් රජය, සෞඛ්‍ය අංශ පුළුල් වැඩපිළිවෙලක් දියත් කර තිබෙන අතර නව නීති රැසක් ද ක්‍රියාවේ නැංවීමට කටයුතු කරයි.