FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හොයන කමිටුවේ කාලය අදින් අවසන්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට මුල්වූ කරුණු සහ එහි පසුබිම සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ පරික්ෂණ මණ්ඩලයේ නිල කාලය අදින් අවසන් වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට මුල්වූ කරුණු සහ එහි පසුබිම සොයාබැලීමට පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේ පසුගිය අප්‍රේල් මස 22 වනදායි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික පොලිස්පති එන්. කේ ඉලංගකෝන් මහතා සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන පද්මසිරි ජයමාන්න මහතායි.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ඉල්ලා අස්වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙන්ම ආරක්ෂක අංශ භාර නිළධාරින් රැසක්ද පසුගිය දින කිහිපයේදී මෙම පරීක්ෂණ මණ්ඩලය හමුවේ සාක්ෂි ලබා දී තිබුණි.