(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුද්ගලික බස් කර්මාන්තය මුහුණ දෙන ගැටලු වර්ජනයකට නොයා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සිය අරමුණ බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා කියා සිටියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ පුද්ගලික බස් කර්මාන්තයට සිදුවූ පාඩු අවම කර ගැනීමට රජය සහනයක් ලබා නොදෙන්නේ නම් ලබන 05 වනදා වර්ජනයක් ඇරඹීමට බස් සංගම් කිහිපයක් පසුගියදා තීරණය කරනු ලැබූ අතර , පුද්ගලික බස් රථ හිමියන් ලබාගෙන ඇති ණය සහ කල් බදු සඳහා සහනයක් ලබාදීමට මුදල් අමාත්‍යංශය ඊයේ (30) තීරණය කළේය.








