FAST NEWS

24×7 Around the Globe

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු සහකාර ලේකම්වරයෙකු නිල සංචාරයක් සදහා ලංකාවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයෙකු වන ආර් ක්ලාර්ක් කූපර් මහතා නිල සංචාරයක් සඳහා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

රජයේ නියෝජිතයන් ඇතුලු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කිරීමට සහ බිම් බෝම්බ ඉවත් කිරීම “ත්‍රස්ත කටයුතු මැඩලීම” ඇතුලු කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමුකෙරෙන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ සංචාරය කිරීමටද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ යුධමය කටයුතු සඳහා වන සහකාර රාජ්‍ය ලේකම් ආර් ක්ලාර්ක් කූපර් මහතා සූදානමින් සිටියි.