(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා එරටෙහි ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් ජූනි මස 03 වන දින සිට හඳුන්වා දී ඇත.
කුවේට්හි ගෘහාශ්‍රිත රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් විදේශගත වීමේදී ද අනිවාර්යෙන් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
සේවකයා බඳවාගනු ලබන එරට හාම්පුතා විසින් (GIRI) Gulf Insurance and Reinsurance රක්ෂණ සමාගම විසින් මෙම රක්ෂණාවරණය විදේශ ගතවන පුද්ගලන් සඳහා ලබා ගත යුතුය.
මෙමගින් කුවේට් රටේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සිදුවන පුද්ගල අනතුරු , අසනීප තත්ත්වයන්, නැවත හරවා එවීම් හා මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ ප්රතිලාභ හිමිවන අතර , ශ්‍රමිකයින් රැකියාව සඳහා යාමට පෙර කුවේට් තානාපති කාර්යාලයේදී රැකියා ගිවිසුම අත්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වේ.
මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සියළුම විදේශ ගතවන්නන් දැනට ක්‍රියාත්මක “සහන” රක්ෂණාවරණයට අමතරවයි.








