FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය පිළිබඳව තමා දැනුවත් නොකල බව ජනපති කියයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අප්‍රේල් 08 වනදා පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ රැස්වීමේදී ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකෙරුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.

ෙආරක්ෂක මණ්ඩලයේ කරුණු නිල නොවන ලෙස මාධ්‍ය තුළ පළවු බැවින් ව්‍යුහය වෙනස් කර ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති 02 කට වරක් රැස්වූ බවද ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.

 

එසේම මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය ද නිවේදනයක් නිකුත් කර තිබේ.