FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගැණුනු මුදල් අමාත්‍යංශ ලේකම් නිදහස් කෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මල්වාන ප්‍රදේශයේදී අද (29)  අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතොරම් 93 ක් ඔහුගේ නිවසේ එළිමහන් ස්ථානයකින් සොයාගැනීමේ සිද්ධියකට අදාලව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැණුනි.

ත මොහොමඩ් අලි හසන් මහතාගේ ම , මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස යුධ හමුදාව සහ පොලිසිය එක්ව සෝදිසියකින්,අනතුරුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කෙරුණි.

එහිදි නිවසේ පෝටිකෝව සහ ඊට යාබද නිවසේ වහල අතර ඇති, පෝටිකෝවේ ඉහළ කොටසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතුරම්  93 ක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

ඒ අනුව එම අවස්ථාවේදීම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අලි හසන් මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි.

පතුරම් තිබූ අලි හසන් මහතාගේ නිවස ඔහුගේ බිරිඳගේ පියාට අයත් වුවක් බව පැවසේ.

ඔහුගේ බිරිඳගේ පියා මීන් පෙර බලපත්‍ර සහිත ගිනි අවියක් භාවිත කර තිබූ බවද වාර්තා වේ.