(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බස් සංගම් රැසක් ලබන ජූනි 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අධික පාඩු ලබන පෞද්ගලික බස් රථ සඳහා සහනයක් ලෙස දින 7ක් තුළදී, මාස තුනක ලීසිං වාරික සහනයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය පියවර නොගතහොත් ජූනි 5 දා සිට බස් ධාවනයෙන් ඉවත් වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා මාධ්‍ය වෙත පැවසීය.
මෙම ලීසිං වාරික සහකය ලබාගැනීම සම්බන්ධව බස් සමාගම් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමනායක මහතා සමග සාකච්ඡා කර සති දෙකක් ගතව ඇති නමුත් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු නිසා බස් වර්ජනයකට එළඹීමට තීරණය කළ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.








