FAST NEWS

24×7 Around the Globe

මහාචාර්ය මලික් පීරිස්ට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන කුමාර් වික්‍රමසිංහට ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමිවී තිබේ.

මීට පෙර සාර්ස් වෛරසය හඳුනාගත් මහාචාර්ය මලික් පීරිස්ට එම සාමාජිකත්වය හිමිවූ බව බී බී සී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ඒ අනුව කුමාර් වික්‍රමසිංහ මහතා මෙම සමාජයට එක්වන දෙවන ශ්‍රී ලාංකිකයායි.

භෞතික සහ විදුලි ඉංජිනේරු තාක්ෂණය වෙනුවෙන් මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ කළ සේවය සළකමින් ඔහුට රාජකීය සමාජයේ සාමාජිකත්වය පිරිනැමීමට කටයුතු කර ඇත.

නැනෝ තාක්ෂණික විද්‍යාගාරවල දැනට භාවිත කෙරෙන අනුක අන්වීක්ෂ නිෂ්පාදනය කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ නියමයන් ඉවහල්වී ඇති බවත් සඳහන් වේ.