(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුද හමුදා සංග්රාමික බලසේනාව ආරම්භ කොට වසර 25 ක් පිරීම හා ත්රස්තවාදය අවසන් කොට වසර 10 ක් පිරීම නිමිත්තෙන් රණවිරු පාගමනක් අද (29) පෙරවරුවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්රධානත්වයෙන් මැදවච්චිය පැරණි සෝදිසි මුරපොළ ඉදිරිපිටින් ආරම්භ කෙරුණි.
මැදවච්චිය පැරණි සෝදිසි මුරපොළ ඉදිරිපිටින් ආරම්භ කෙරුණු රණවිරු පාගමන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර රණකාමීන්ගේ පාගමන ආරම්භක උත්සවයේ පූර්ණ සංවිධාන කටයුතු සිදු කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාද සහභාගී විය.
මෙම රණවිරු පාගමන ජුනි මස 08 වන දින කොළඹ නිදහස් චතුරශ්රය අසලින් අවසන් කිරීමට නියමිතව ඇත.
මේ සඳහා ගුවන් සංග්රාමික බළ සේනාවට අයත් නිලධාරින් 31 සහ සෙසු නිලයන් 600 ක් පමණ සහභාගීවූ අතර, මැදවච්චිය, අනුරාධපුර ,තිරප්පනේ, මරදන්කඩවල, හඹරණ, දඹුල්ල, නාවුල, මාතලේ, අකුරණ, කටුගස්තොට, මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව, යක්කල, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ග්රෑන්ඩ්පාස්, කුරුදුවත්ත, දෙමටගොඩ සහ බොරැල්ල යන නගරයන් හරහා ගමන් කිරීමට සංවිධානය කොට ඇත.









