FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට සාක්ෂි කැඳවීම ආරම්භ වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු ආරම්භ කරමින් පළමු සාක්ෂි කැඳවීම ආරම්භ විය.

ඒ අනුව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා කැඳවනු ලැබීය.

අප්‍රේල් 21 දින ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු ආරම්භ කරමින් කාරක සභාවේ වැඩබලන සභාපති මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා දැක්වූ අදහස් ,

අපට තිබෙන්නේ බාරදූර කාර්යයක්. ශ්‍රී ලංකික සමාජයට ඇති කළ ප්‍රතිඵලය බරපතලයි. පාර්ලිමේන්තු තීර්ණය කර තිබෙනවා කාරණා කීපයක් පිළිබඳව සොයා බලන්න. අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපේ කාර්යභාරය ඉටු කිරීමේ දී දේශපාලන සලුපිළි ගලවා වෙනත් කාර්යභාරයක් සිදු කරනවා.අපි අධිකරණයක් නොවෙයි. අපි දැනටමත් දන්වා තිබෙනවා පුවත් පත් දැන්වීම් මඟින් ඕනෑම කෙනෙකුට තොරතුරු ලිඛිතව දැන්වීය හැකියි කියලා. ඒවා අධ්‍යයනය කර කැඳවීමට අවශ්‍ය අය කැඳවනවා.

මාධ්‍යය කැඳවා තිබෙනවා කමිටුවට. සක්ෂි දීම පමණක් මාධ්‍යයයට විවෘත කර තිබෙනවා .මෙය හොඳ අවස්ථාවක් වගේම අභියෝගයක්.මාධ්‍ය සහයෝගය අවශ්‍යයි. තුලනාත්මකව කමිටුව වාර්තා කරනවා කියලා සිතනවා.සාධාරණත්වයෙන් හා නිවැරැදිව විකාශය කළ යුත්තේ .අපට මඟ පෙන්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්.ඕනෑම සාක්ෂිකරුවෙකු යම් කරුණක් සම්බන්ධයෙන් ඉල්ලිමක් කළ හැකියි,විකාශය නොවිය යුතුයි කියලා,ඒ පිළිබඳ තීරණය කරන්නේ කමිටුවයි.මෙය එක්තරා විදියක අත් හදා බැලීමක්.අත්දැකීම් අනුව ගත් තීරණ නැවත සමීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ සහයෝගය අවශ්‍යයි යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.