FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉන්දියාවත් ඉවත් කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළව පනවා තිබූ සංචාරක තහනම ඉන්දියාව විසින්ද ඉවත් කර තිබේ.

මේ වනවිට ආරක්ෂක තත්වය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින් ලංකාවේ සංචාරය කිරීමට ඉන්දීය සංචාරකයන්ට කිසිදු අවධානමක් නොමැති බවත් විමසිලිමත් වීම පමණක් ප්‍රමාණවත් බවත් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු චීනය සහ ස්විට්සර්ලන්තයද ශ්‍රී ලංකාවට අදාළව පණවා තිබූ සංචාරක තහනම් මේ වනවිට ඉවත් කර අවසන්.