FAST NEWS

24×7 Around the Globe

කලහකාරීව හැසිරුනු මිනුවන්ගොඩ 15 කට හා නාත්තන්ඩිය 31 කට ඇප

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ගැටුම්කාරී සිද්ධීන් වලට සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් 15 දෙනෙකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.‍

මීට අමතරව නාත්තන්ඩිය ප්‍රදේශයේ ද ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට මාරවිල අධිකරණය නියෝග කරනු ලැබීය.