FAST NEWS

24×7 Around the Globe

හිස්බුල්ලාට සම සභාපති ධූරයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරීම වෙනුවෙන් මෙම පත්වීම ලබාදී තිබේ.

නව පත්කිරීමත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ නව රැස්වීම ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.