FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (29) පළමු වරට රැස්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (29) පෙරවරු 8.00 ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍යයට ආවරණය කිරීමට සඳහා විවෘත වන පළමු අවස්ථාව ද මෙය වෙයි.

ඒ අනුව හෙට පැවැත්වෙන කාරක සභාව ආවරණය කිරීමට ජනමාධ්‍යයට ඉඩ සළසා දී ඇත.

අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 2019.05.22 දින පත්කළ අතර ,  නියෝජ්‍ය කථානායක, ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මෙහි සභාපතිත්වය දරයි.

සිදුවීම සම්බන්ධයෙන් මහජනතාවට ද තොරතුරු මෙම කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා ඇත.

මේ සඳහා යොමු කෙරෙන ලිඛිත නියෝජන කාරක සභාවේ ලේකම්වරයා වෙත ජූනිමස 07 දිනහෝ ඊට පෙර යොමු කළ හැකිය.