FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ ගැටළු – ගුරු සංගමය

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ ගැටළු කිහිපයක් පවතින බවට ගුරු සංගම් චෝදනා කරයි.

ලංකා ගුරු සංගමය පවසන්නේ පසුගිය වසරේ වයඹ සහ බස්නාහිර පළාත් සදහා ඔප්පු හිමිකාරීත්වය සම්බන්ධයෙන් ලකුණු ලබාදීමේ ගැටළුව ඊයේ නිකුත් කෙරුණු නව චක්‍රලේඛයේ ද පවතින බවයි.

එමෙන්ම දුෂ්කර ප්‍රදේශවල ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී ලකුණු ලබාදීමේදී අසාධාරණයක් මෙවර චක්‍රලේඛය මගින් සිදුව ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පැවසීය.