(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසු ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට ස්විට්සර්ලන්තය කටයුතු කර තිබේ.
දිවයිනට එල්ලවූ ප්‍රහාර මාලාවෙන් පසු සංචාරක අනතුරු ඇගවීමක් නිකුත් කරමින් ස්විස් රජය එරට පුරවැසියන්ට දැනුම් දුන්නේ අත්‍යවශ්‍යම කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි.
ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම පමණක් ප්‍රමාණවත් බවයි.
ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක අනතුරු ඇගවීම ඉවත් කිරීමට චීන රජය ද පසුගිය සතියේදී කටයුතු කරනු ලැබීය.






