FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණූ සාකච්ඡා කල් දැමෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නව දේශපාලන සන්ධානයක් සඳහා වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හෙට (29) පැවැත්විමට නියමීතව තිබු සාකච්ඡා වටය ලබන 07 වැනිදා දක්වා කල් දමා ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලනිපයේ ඉල්ලිම මත මෙසේ දිනය වෙනස් කර ඇති බවත් පැවසේ.

ඒ අනුව ලබන 07 වැනිදා කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව කියැවේ.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රීලනිපය නියෝජනය කරමීන් එහ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හා හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහභාගි වනු ඇති බව සඳහන්.

පොදුජන පෙරමුණ නියෝජනය කරමීන් එහි සභාපති ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු ඩලස් අලහප්පපෙරුම හා ආචර්ය ජගත් වැල්ලවත්ත මහතා සහභාගි වනු ඇති බවත් පැවසේ.