FAST NEWS

24×7 Around the Globe

මඩකලපුවේ බැටික්ලෝ කැම්පස් හි ණය ගිවිසුම් සම්බන්ධයෙන් ගැටළුවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මඩකළපුවේ ඉදි කෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ණය ගිවිසුම්වල අන්තර්ගතය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කටයුතු කෙරෙන බවයි.

එම විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර සහ ලබාගැනීමට ද අපේක්ෂා කරන බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ආශූ මාරසිංහ මහතා පැවසුවේය.

මෙම ආයතනය ඉදි කිරිම කටයුතු සඳහා, සෞදි අරාබියේ පුද්ගලයින් කිහිපදෙනෙකු සමග ගිවිසුම්වලට එළැඹ ඇති බවට මේ වන විට අනාවරණ වී තිබේ.

නමුත්, අදාළ ආයතනයට බැංකු ණය ලබා ගැනීමේදී එම කරුණු පිලිබඳ කිසිවක් ඉදිරිපත් කර නැතැයි ද, අනාවරණ වූ බව ආශු මාරසිංහ මහතා පවසයි.

මඩකලපුවේ ඉදි කෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය ආයතන 05 ක් ඊයේ දිනයේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබුණි.