FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ උපදෙසින් මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් ඊට අදාළ වැඩසටහන් විධිමත්ව සහ කාර්යක්ෂම සිදුකිරීම සහ ඒවා පුළුල් කිරීම සදහා ජූනි 22 වනදා සිට ජූලි 01 වනදා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප‍්‍රකාශයට පත්කර තිබේ.

ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී මත්ද්‍රව්‍ය පාලනය සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇත.

සුරාබදු ආඥා පනත හා විෂ මත්ද්‍රව්‍ය ආඥා පනත සංශෝධනය, බන්ධනාගාරවල ආරක්ෂාව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය මෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය විශ්ලේෂණයට අදාළ ගැටලු ආදිය ද එහිදී සාකච්ඡා කර තිබේ.