(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජපානයේ ටෝකියෝ නුවර දකුණූ දිග ප්‍රදේශයේදි අද (28) පෙරවරුවේ සිදුවු පිහි ඇනුම් ප්‍රහාරයකින් දැරියක් මීයගොස් තවත් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වයස අවුරුදු 50 ක් පමණ වෙතැයි සැලකෙන පුද්ගලයෙක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් පසුව ඔහු සිය ගෙලෙහි කැපුමක්ද කරගෙන ඇති බවත් කියැවේ.
මෙ වන විට තුවාල සහිත එම පුද්ගලයාව පොලිසීය විසින් අත්අඩංගුට ගෙන ඇති බවත් වැඩි දුරටත් පැවසේ.








