(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නව පහසුකම් සහිත සුඛෝපභෝගී බස් රථ යෙදවීමට ක්‍රියා කරන බව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වේයන්ගොඩ, එළුවාපිටිය, ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ පැවති ගම්පෙරළිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ඉදිරියේදී ලැබීමට නියමිත “කින්ග් ලෝන්ග් ලෝන්ග්වින්” වර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථ, චීනයේ පිහිටි කින්ග්ලෝන්ග් කර්මාන්ත ශාලාවේ සැකසෙමින් පවතියි.








