FAST NEWS

24×7 Around the Globe

හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නොවනු ඇති බව ජනපති කියයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අරක්ෂක අංශ වෙත ලැබුණු ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හදිසි නීතිය දීර්ඝ කිරීමට පියවර ගත් නමුත් නැවත වතාවක් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව, ජනාධපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන් සමග අද (27) පෙරවරු ජනාධිපති නිල නිවසේදී පැවති හමුවෙදි සඳහන් කර තිබේ.

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපීය සංගමයට අයත් තානාපතිවරු මෙම හමුවට එක්ව තිබේ.

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වයට අදාළ කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම හමුව පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.