FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින දෙකක කාලයේ නිරිතදිග කොටසට වැසි වැඩිවෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 29 සහ 30 යන දිනවලදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් , ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.