FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කීපයකට අද (27) ජල කප්පාදුවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (27) පස්වරු 1.00 සිට 8.00 දක්වා පැය හතක කාලයක් මහරගම , බොරලැස්ගමුව , කොට්ටාව, පන්නිපිටිය , රුක්මල්ගම , මත්තේගොඩ , හෝමගම , මීපේ , පාදුක්ක සහ පැල්න්වත්ත,  යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ලබුගම, කලටුවාව සිට ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේශන නලයේ බිඳ වැටීමක් සිදුව ඇති හෙයින් මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.