FAST NEWS

24×7 Around the Globe

මධූමාධවට විදෙස් ගමන් තහනමක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධූමාධව අරවින්දට අධිකරණයෙන් විදේශගත විමේ තහනමක් පැනවිමට මීනුවන්ගොඩ මහේස්ත්‍රාත්අධිකරණය අද (27) නියෝග කළේය.

මීට අමතරව මිනුවන්ගොඩ පොල්වත්තේ පදිංචි කේ.පී අතුල දයාරත්න,හීනටියන ගුරුගම පදිංචි කේ.නුවන් උපේන්ද්‍ර යන අයගේද විදෙස් ගමන් තහනම් කර ඇති බව පැවසේ.

පසුගිය 13 වැනිදා මීනුවන්ගොඩ සිදුවු උණුසුම් තත්වයට අදාළව අධිකරණය හමුවේ පෙනි සිටිමෙන් පසුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වැඩි දුරටත් පැවසේ.