(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගම , සීමා සහිත ශ්‍රී ලංකන් කේටරින් සමාගම හා සීමා සහිත මිහින් ලංකා පුද්ගලික සමාගම්වල සිදුව ඇති බව පැවසෙන වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කර ඇත.
ඒ ලබන ජූනි 30 වනදා දක්වායි.
2006 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට 2018 වසරේ ජනවාරි 31 වනදා දක්වා කාලය තුල එකී ආයතනවල සිදුවූ බව කියන වංචා දූෂණ සෙවීම මෙම කොමිසමේ කාර්යය භාර්යය වෙයි.








