FAST NEWS

24×7 Around the Globe

ගතවූ මාස පහ ඩෙංගු රෝගින් 17,975 ක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ගතවූ මාස පහ තුළදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 17,975 දෙනකු වාර්තා වී ඇති බවත්, එම කාලය තුළ ඩෙංගු මරණ 26 ක් සිදුව ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බවත්, එම සංඛ්‍යාව 3909 කි.

ගත වූ දින 25 තුළ පමණක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2075 දෙනකු වාර්තා වි ඇත.

නිරිතදිග මෝසම් වර්ෂාව ආරම්භ වී ඇති බැවින් තම නිවාස, පරිශ‍්‍ර, පාසල් පවිත‍්‍රව තබාගන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය 2018 වර්ෂයේ දී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 51,000 ක් වාර්තා වි ඇති අතර, ඩෙංගු මරණ සංඛ්‍යාව 51 ක් වු බව එම ඒකකය වැඩි දුරටත් පවසයි.