FAST NEWS

24×7 Around the Globe

මංතීරු නීතියට අනුගත වීමට අද (27) සිට සති දෙකක සහනයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව මංතීරු නීතිය ක්‍රියාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ අනුව, බස් රථ රියැදුරන් ඇතුළු බර වාහන රියදුරන්ට ඊට අනුගත වීම සඳහා අද (27) සිට සති දෙකක සහන කාලයක් ලබා දෙන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.

ඉන් අනතුරුව මංතීරු නිතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන අතර, එය උල්ලංඝනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.