FAST NEWS

24×7 Around the Globe

අද (26) දිනයෙත් විශේෂ හමුදා මෙහෙයුම්

 

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – අද (26) දිනයේදිත් දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වැඩබලන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවම ඒකාබද්ධව එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසීය.

ඊයේ (25) දිනයේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හා කුරූණෑගල දිස්ත්‍රික්කවල යුද හාමුදාව හා පොලීසිය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණ බවත් එහිදි විවිධ හේතු මත සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හෙකෙම සඳහන් කළේය.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථාන වෙත භාරදුන් බවද වැඩබලන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.