FAST NEWS

24×7 Around the Globe

මෙක්සිකෝවේ හෙලිකොප්ටර් අනතුරකින් හයක් මරුට

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – මෙක්සිකෝවේ මෙහෙයුම් කටයතු සඳහා සහභාගී වෙමින් සිටි හමුදා හෙලිකොප්ටරයක් මධ්‍යම ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් හයදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ නාවික හමුදාවේ කාර්ය මණ්ඩලයේ පස්දෙනකු සහ වනජීවී පරීක්ෂකවරයෙක් වන බවත් පැවසේ.
මධ්‍යම ප්‍රාන්තය වන ක්වෙරෙන්ටාරෝහි ලැව් ගින්නක් නිවීමට යෑමේදී යානය අනතුරට පත්වී ඇතැයි නාවික හමුදාව පවසයි.
අනතුරට හේතුව අනාවරණය වී නොමැත බවත් අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් සෙවුම් කටයුතු වලට බාධා එල්ල වී ඇති බවද කියැවේ.