FAST NEWS

24×7 Around the Globe

ගිනි අවියක් බෝම්බයක් සමග 04 ක් අත්අඩංගුවට

පිළියන්දල, හැඩිගම ප්‍රදේශයේදී කාර් රථයක් පරීක්ෂා කිරීමේදී , ගිනිඅවියක් සහ අත්බෝම්බයක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඔවුන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ජීව අත්බෝම්බයක්, කිනිසි දෙකක් සහ වෙඩි බෙහෙත් ග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29, 36 සහ 34 යන වයස්වල පසුවන මොරවක, පෑලියගොඩ හා කැලණිය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් පිරිසක් වන බවත් පැවසේ.