FAST NEWS

24×7 Around the Globe

කුඩාඔය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට – තිදෙනෙක් රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැල්ලවාය – තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කදවුර ආසන්නයේදී ත්‍රීරෝද රථ දෙකක් හා කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කුඩාඔය පොලිසිය සදහන් කරයි.
කුඩාඔය වන්දම මාර්ගයේ සිට තණමල්විල – වැල්ලවාය මාර්ගයට ආ ත්‍රීරෝද රථයක්, වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයක් ගැටී ඇති අතර එම ත්‍රීරෝද රථයට පසුපසින් වේගයෙන් පැමිණි කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එම ත්‍රීරෝද රථ දෙකම යටකර පළාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අනතුර සිදුකර පලාගිය ලොරිරථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.