FAST NEWS

24×7 Around the Globe

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට මහාධිකරණයෙන් නොතීසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා වෙත නොතීසි නිකුත් කර තිබේ.
ඒ, රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා අගෝස්තු මස 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් එම සිතාසි නිකුත් කිරීම සිදුකළේය.
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 වසරේ කොළඹ පාර්ක් වීදියේ දී මෝටර් රථයක් තුළ අභිරහස් අන්දමින් මිය ගොස් සිටියේය.