FAST NEWS

24×7 Around the Globe

තෙරේසා මේ ඉල්ලා අස්වන දිනය කියයි

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජුනි 07 වැනිදා නව අග්‍රමාත්‍යවරයෙක් පත් කර ගැනීම සඳහා ඉඩ සලසමින් තමන් ජුනි 07 වෙනිදා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.