FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන් මෑණියන් සමග ජනපති හමුවෙයි

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23) රාත්‍රියේ උන්වහන්සේ සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
මෙම හමුවීම සිදුවූයේ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දීය.
ජනාධිපතිතුමා විසින් පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිතුමා සමඟ සුහද කථා බහක ද නිරත විය.