FAST NEWS

24×7 Around the Globe

පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට දැඩි ක්‍රියාමාර්ග

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය සදහන් කරයි.
පාසල් දරුවන් අතරින් විශේෂයෙන් 07 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසින් මේ සදහා වැඩි වශයෙන් ගොදුරුවිය හැකි බැවින් ඒ සදහා වඩාත් අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා සඳහන් කලේ පාසල සුරැකීමේ කමිටුවල දායකත්වයද මෙම වැඩපිළිවෙල සදහා ලබා ගන්නා බවයි.