FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පැය 05ක කාලය අනතුරුදායකයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවන ඉදිරි පැය පහක කාලය තුළ උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම වර්ෂාපතනයත් සමග පැයට කිලෝමීටර 70 – 80 ත් අතර තද සුළං ද ඇතිවිය හැක.

රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් මෙන්ම විවෘත වාහන භාවිතයෙන්ද වළකින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.