FAST NEWS

24×7 Around the Globe

තමාව අත්අඩංගුවට නොගන්නා ලෙස මධුමාධවගෙන් පෙත්සමක්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයායි.
මධුමාධව අරවින්ද මහතා කියා සිටින්නේ ඉකුත්දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වන බවත් , මේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්ය.
මෙම කලහකාරී සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවත් ඔහු සදහන් කරයි.