FAST NEWS

24×7 Around the Globe

ගෝඨාට එරෙහි නඩුව ජුනි 19 වනදා සිට විභාගයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 19 වනදා සිට විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (23) දින නියම කළේය.
එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 04 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කෙරුණු අතර ගෝඨාභය රාජපක්ෂට හෙට (24) සිට ලබන මස 02 වනදා දක්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අධිකරණය අද අවසර ලබා දුන්නේය